Related Posts Plugin for WordPress, Blogger...

25 March 2013

on 1 comment

තත්පර 60ක් තුල පරිගණක ලෝකය දකිමු





  • ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.



  • පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේ



  • CD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes)  දත්ත ලොව පරිගණක දත්ත මහමෙරට අලුතින් එකතුවේ.



  • වින්ඩෝස් 7 මෘදුකාංගය අඩංගු CD තැටි 450ක් සෑම තත්පර 60ක් තුල විකිණේ.



  • වෙබ් අඩවි 12ක් හැකරුන්ගේ ග්‍රහණයට නතුවෙන අතර තවත් හැකින් ප්‍රයත්න 416ක් විනාඩියක් තුල ලොව පුරා සිදුවේ.



  • Redbox.com අඩවිය හරහා චිත්‍රපට DVD 1400ක් කුලියට (බලා ආපසු භාරදෙන පදනමට) ගැනේ



  • ebay.com අඩවිය හරහා මිළදීගැනීම් 950කට අධික සංඛයාවක් සිදුවන අතර මින් ගණුදෙනු 180කට අධික සංඛයාවක් ජංගම දුරකථන හරහා සිදුවේ.



  • ඩොලර් 216,000ක ගෙවීම් අඩවිය හරහා සිදුවන අතර මින් ඩොලර් 10,000ක ගණුදෙනු ජංගම දුරකථන හරහා සිදුවේ.



  • ෆාර්ම් විල් ක්‍රීඩාවේ අක්කර 1100ක් මිනිත්තුවක් තුලදී වගාකෙරෙන බව පැවසේ.



  • මිනිත්තුවක් තුල බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන 103ක්ද අයිෆෝන් 925ක්, අයිපෑඩ් 81ක්, xbox 360 11ක්, කින්ඩල් ෆයර් ටැබ්ලට් 18ක්ද මිළදී ගැනේ.



  • තත්පර 60ක් තුල Instant Messaging (IM) සේවාවන් හරහා සංවාද මිලියන 11ක් සිදුවේ



  • මෙම තත්පර 60 තුලම USB උපාංග 4000ක් InkJet හා Laser ප්‍රින්ටර් සඳහා යොදන 2500ක්ද විකිණේ. එමන්ම ඊ-අපද්‍රව්‍ය (e-waste) එනම් පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපාංග ඉවතදැමීමෙන් හටගන්න අපද්‍රව්‍ය ටොන් 38ක් ලොව කුණු කන්දට එක්වේ.



  • මේ සියල්ල සිදුවන තත්පර 60 තුලම ගූගල් සමාගමේ ලාභාලාබ ගිණුමට ඩොලර් 75,000ක් ආදායම ලෙස එකතුවේ.


Post Written By -:


on 1 comment

‘‘ බීප් ’’ හඩින් කියැවෙන පරිගණක දෝශ


          මෙම බීප් හඩ දීර්ඝ වශයෙන් විමසා බැලීම සදහා අවශ්‍ය වගු හා උපදෙස් මාලාවක් තිබේ. පළපුරුදු කාරමිකයෝ ඒවා භාවිතා කරති. එහෙත් සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ටද තම පරිගණකයේ ඇති දෝෂ දල වශයෙන් හදුනා ගැනීමට බීප් හඩ රටාව යොදා ගත හැක. පහත දක්වා ඇත්තේ IBM පරිගණකවලදී ලැබෙන 'බීප්' හඩ අනුව පෙන්වන දෝෂ සටහනකි.



  • කෙටි  'බීප්' හඩක්-පද්ධතියේ දෝෂයක් නැත.


  • කෙටි 'බීප්' හඩ දෙකක් - POST/CMOS හි දෝෂයක්-එම දෝෂය පෙන්වන දෝෂ කේතයක් හෙවත් එරර් කෝඩ් එකක් තිරයේ දිස්වේ.එම කෝඩ් එක අනුව දෝෂය තීරණය කළ හැක.ඉන් කීපයක් මෙසේය.


  • 100 to 199-System boards


  • 200 to 299-Memory


  • 300 to 399-Keyboard


  • 400 to 499-Monochrome display


  • 700 to 799-Math com processor


  • 900 to 999-Parallel printer port


  • 1000 to 1099-Alternate ptinter adapter


  • 1100 to 1299-Asynchronous communication device,adapter,or port


  • 1300 to 1399-Game port


  • 1400 to 1499-Color/graphics printer


  • 1500 to 1599-Synchronous communication device,adapter,or port


  • 1800 to 1899-Expansion unit(XT)


  • 2000 to 2199-Bisynchronous communication adapter


  • 2400 to 2599-EGA system-board video(MCA)


  • 3000 to 3199-LAN adapter


  • 4800 to 4999-Internal modem


  • 7000 to 7099-Phoenix BIOS chips


  • 7300 to 7399-3.5-inch disk drive


  • 8900 to 8999-MIDI adapter


  • 11200 to 11299-SCSI adapter


  • 'බීප්' හඩ නැත-බල සැපයුමේ හෝ මවුපුවරුවේ දෝෂයකි.


  • නොනවතින 'බීප්' හඩ-බල සැපයුමේ,මවුපුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයකි.


  • නැවත නැවත මතුවන කෙටි 'බීප්' හඩ-මතකය පිළිබද දෝෂයකි.


එක් දිග 'බීප්' හඩක් හා එක් කෙටි 'බීප්' හඩක්-මවුපුවරුවේ දෝෂයකි.

  • එක් දිග 'බීප්' හඩක් හා එක් කෙටි 'බීප්' හඩ දෙකක්-ඩිස්ප්ලේ ඇඩැප්ටරයේ දෝෂයකි.


  • එක් දිග 'බීප්' හඩක් හා එක් කෙටි 'බීප්' හඩ තුනක්-ග්රැෆික් ඇඩැප්ටරයේ දෝෂයකි.


  • දිගු 'බීප්' හඩ තුනක්-යතුරු පුවරුවේ දෝෂයකි.


  • නොනවතින උස් හා පහත් හඩින් යුතු 'බීප්' හඩ-ප්‍රොසෙසරය අධික ලෙස රත්වී දෝෂ ගෙන දෙන බව



Post Written By -:



24 March 2013

on Leave a Comment

පෝට් වර්ග​ (ports)

           පරිගණකයේ තියෙන විවිධ පෝට් වර්ග ගැන ඔයාල දන්නවනේ.. පෝට් කියන වචනයේ හරි සින්හල තේරුම "තොටුපල" යන්නයි.. තොටුපලක වෙන දේ ඔයාල දන්නවනේ, උදාහරනයක් විදිහට ගුවන් තොටුපලක නම් ගුවන් යානා එනවා, යනවා.. පරිගණකයේ පෝට් එකකිනුත් වෙන්නෙ මේ දේ තමයි. වෙනසකට තියෙන්නෙ මේ පෝට් හරහා ගමන් කරන්නේ දත්ත වීම​.. විවිධ පෝට් මගින් පිටත තිබෙන​ විවිධ උපාංග පරිගණකයට සම්බන්ද කරගන්න අපිට පුලුවන්.. පහත තියෙන රූපයේ පරිගණකයක තියෙන පෝට් වර්ග දක්වා තිබෙනවා..




Post Written By -:


on Leave a Comment

පරිගණක දෘඩාංග​ සටහන​

පරිගණකයේ මව් පුවරුවේ දකින්න පුලුවන් පෝට් වර්ග​, සොකට් වර්ග​, රැම් වර්ග හා විවිධ කේබල් වර්ග පහත රූපයේ දක්වා තිබෙනවා.. ඒ මත ක්ලික් කර විශාල කර බලන්න​..






Post Written By -:


on Leave a Comment

පරිගණක වෛරසයේ කතාව

වෛරසයක් යනු කුමක්ද?



    පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

        වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.

         සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි.

               පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි. මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරය

වෛරසයේ ඉතිහාසය


               1970 දී ක්‍රීපර් (Creeper) වෛරස පළමුව සොයා ගනු ලැබුවේ අන්තර්ජාලයේ පුරෝගාමියෙකු වූ ARPANET හිදීය. ටෙනෙක්ස (TENEX) මෙහෙයුම් පද්ධතිය හරහා ව්‍යාප්ත වූ එයට සම්බන්ධිත ඕනෑම මොචමයකින් දුරස්ත පරිගණකයකට සම්බන්ධ වී එය ආසාදනය කළ හැකිය. තවද එය (I’m THE CREEPER : CATCH ME IF YOU CAN) යන පණිවිඩය දක්වා සිටී. ඒ සමගම මතුවූ ක්‍රිපර්හි පිටපත් සොයා ඒවා විනාශ කරන රීපර් (Reaper) ක්‍රමලේඛනය ක්‍රීපර්හි නිර්මාතෘවරයා විසින්ම ලියන ලද්දක් බවට කටකතාවක් පවතී.


               නිර්මාණය කරන ලද පරිගණකයෙන් හෝ පර්යේෂකාගාරයෙන් මුල් වරට පෙනී සිටි වෛරසය රෝදර් J “Rother J” යනුවෙන් වැරදි පිළිගැනීමක් ඇත. අනෙකුත් මුල් කාලීන වෛරස සදහා අවධානයට ලක්වන පරිගණක වෛරස හා වර්මිස් බලන්න. කෙසේ නමුත් ගෘහස්ත පරිගණක ආසාදනය කළ මුල්ම වෛරසය වූයේ එයයි. 1982 දී රිචඩ් ස්ක්‍රෙන්ටා (Richard Skrenta) විසින් ලියන ලද මෙය ඇපල් DOS 3.3 (Apple DOS 3.3) මෙහෙයුම් පද්ධතියට සම්බන්ධව තිබූ අතර සුනම්‍ය තැටි (Floppy disk) මගින් ව්‍යාප්ත විය. ඇත්ත වශයෙන්ම විහිළුවක් වන මෙය උසස් පාසලක සිසුවෙකු විසින් නිර්මාණය කර ඇති අතර ක්‍රීඩාවකට ඇතුළත් කර තිබුණි. තැටිය භාවිතා කළ හැකි වන්නේ 49 වතාවක් පමණි. 50 වන වතාවේදී ක්‍රීඩාව ආරම්භ වනවා වෙනුවට හිස් තිරය මත එල්ක් ක්ලෝනර් (Elk Cloner) නම් වෛරසයක් පිළිබද පණිවිඩයක් දිස්වේ. තිරයේ දැක්වුණු පණිවිඩය පහත පරිදි වේ.

සොයා ගැනීම වළක්වන ක්‍රම


               පරිශීලකයන් විසින් සොයා ගැනීම වළක්වනු පිණිස සමහරක් වෛරස විවිධ වර්ගවල ප්‍රයෝග යොදාගනී. සමහරක් පැරණි වෛරසවලදී , විශේෂයෙන් MS – DOS පසුබිමක් තුළ , ගොනුව වෛරසයක් මගින් ආසාදනය වූ විට සත්කාරක ගොණුවේ අවසන් නවීකරණ (last modified) දිනය නොවෙනස්ව පවත්වා ගැනීමට වගබලා ගනී. කෙසේ නමුත් මෙම ක්‍රමය මගින් පිළි වෛරස මෘදුකාංග රැවැට්ටීම කළ නොහැක, විශේෂයෙන්ම ගොනු වෙනස් වීමේදී චක්‍රීය අතිරික්තතා Cyclic redundancy පරීක්ෂාව පවත්වා ගන්නා හා දින නියම කරන මෘදුකාංග.



               සමහර වෛරසවලට ගොණුවල ප්‍රමාණ වෙනස් නොකර ‍හෝ ඒවාට හානි ‍නොකර ඒවා ආසාදනය කළ හැක. ඔවුන් මෙය ඉටු කර ගන්නේ ක්‍රියාත්මක විය හැකි ගොණුවල ප්‍රයෝජනයට නොගන්නා කොටස් මත නැවත ලිවීමෙනි. (overwrite) මේවා කැපීම් (Cavity) වෛරස ලෙස හදුන්වනු ලැබේ. උදාහරණයක් ලෙස CIH වෛරසය හෝ චර්නොබිල් වෛරසය පහසුවෙන් ගෙන යා හැකි ක්‍රියාකාරී ගොනු (portable Executable files) ආසාදනය කරයි. මන්දයත් එම ගොණුවල බොහෝ ඉඩ ඇති අතර 1kB පමණ වන වෛරසය ගොණුවේ ප්‍රමාණයට එකතු‍ නොවේ.


               සමහර වෛරස සොයාගැනීම වැළැක්වීමට ඒවා සොයා ගැනීමට පෙර පිළි වෛරස මෘදුකාංගයට ප්‍රහාර එල්ල කරයි.


               පරිගණක හා මෙහෙයුම් පද්ධති වඩා විශාල හා සංකීර්ණ වන විට සැගවී ඇති පැරණි තාක්ෂණික ක්‍රම යටත් කාලීන කිරීම හෝ අ‍ාදේශ කිරීම කළ යුතුය. වෛරසවලට එරෙහිව පරිගණකයක් ආරක්ෂා වීමේදී සෑම ආකාරයට ගොනු ඇතිවීමක් සදහාම විස්තර සහිත හා පැහැදිලි අවසර ලබාදීම ගොණු පද්ධති සංක්‍රමණය වීම ඕනෑකමින් අවධාරණය කර සිටී.


මෙහෙයුම් පද්ධති වෛරස සඳහා අනතුරට භාජනය විය හැකි අවස්ථා


               ජනගහනයක ජාන විවිධත්වය අඩු වීමත් සමගම එම ජන කොට්ඨායෙන් තනි රෝගයක් නැතිවී යාමේ හැකියාවක් ඇත. ඒ හා සමානවම ජාලයක මෘදුකාංග පද්ධතිවල විවිධත්වය වෛරසවල විනාශකාරී අරමුණු සීමා කරයි.


               මෙය මයික්‍රෙ‍ාසොෆ්ට් සමාගම වැඩතල (Desktop) මෙහෙයුම් පද්ධති හා කාර්යාල මෙවලම් වෙළඳපොළ ආක්‍රමණය කළ 1990 කාලයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ දෙයකි. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පරිශීලකයන් (විශේෂයෙන් මයික්‍රොසොෆ්ට් අවුට් ලුක් හා ඉන්ටර්නෙට් එකස්ප්ලෝරර් වැනි) වෛරස පැතිරීමේ අවදානමට විශේෂයෙන් ලක්විය. මයික්‍රොසොෆ්ට් මෘදුකාංග ‍ඒවායේ වැඩතල ප්‍රමුඛතාව නිසා වෛරස නිර්මාණකරුවන්ගේ වැඩි අවධානයට බදුන් වන අතර වෛරස නිර්මාණකරුවන්ට ප්‍රයෝජන ගත හැකි වැරදි හා දුර්වල ස්ථාන බොහෝමයක් අඩංගු නිසා නිතර විවේචනයට භාජනය විය. සමෝධානිත හෝ සමෝධානිත නොවන මෘදුකාංග (මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැනි) හා ගොණු පද්ධතිවලට ප්‍රවේශ ඇති උපදේශාවලි (Scripting) භාෂාවකින් යුත් යෙදුම් (උදාහරණ ලෙස විෂුවල් බේසික් උප‍ෙද්ශාවලි (VSB) හා ජාලකරණ විශේෂාංගවලින් යුත් යෙදුම්) ද විශේෂයෙන් අනතුරට භාජනය විය හැකිය.


               වින්ඩෝස් වෛරස නිර්මාණකරුවන්ගේ ප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වුවත් සමහරක් වෛරස වෙනත් ඒවායේ ද ක්‍රියාත්මක වේ. ‍ෛසද්ධාන්තික‍ව තෙවන පන්තියේ ක්‍රමලේඛ ධාවනයට ඉඩදෙන ඕනෑම මෙහෙයුම් පද්ධති අනෙක්වාට වඩා ආරක්ෂිත බවින් අඩුය. යුනික්ස් මත පදනම් වූ මෙහෙයුම් පද්ධති (හා වින්ඩෝස් NT වේදිකා මත වූ NTFC යෙදුම්) ඒවායේ පරිශීලකයන්ට, ක්‍රියාත්මක විය හැකි දේ ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ ඔවුන්ගේම වෙළුම්වල ඔවුන්ගේම ආරක්ෂිත ඉඩෙහි පමණි.


               අන්තර්ජාලය මත පදනම් වූ පර්යේෂණයක් පෙන්වා දුන්නේ වෛරසයක් බාගත කිරීමට පුද්ගලයන් කැමැත්තෙන්ම විශේෂ බොත්තම් එබූ අවස්ථා ඇති බවයි. F සෙක්‍යූ (secure) නම් ආරක්ෂක අංශයක් වසර භාගයක් පුරාවට ගූගල් ඇඩ්වෙයාර් හි “ඔබේ පරිගණකය වෛරසවලින් නිදහස් ද ? මෙතැනින් එය ආසාදනය කර ගන්න” යනුවෙන් ප්‍රචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී. ප්‍රතිඵලය වූයේ 409 දෙනෙක් ඒ මත ක්ලික් කිරීමයි.


               2006 දී Mac OS X ඉලක්ක කළ වෛරස තිබුණේ සාපේක්ෂව අඩු ප්‍රමාණයකි. (යුනික්ස් පදනම් වූ ගොණු පද්ධතියකින් හා කර්නලයකින් යුත්) Mac OS ක්ලැසික් ලෙස හඳුන්වන පැරණි ඇපල් මෙහෙයුම් පද්ධති සඳහා ඇති වෛරස ගණන ප්‍රභවය අනුව වෙනස් වේ. ඇපල් දන්නා වෛරස 4ක් පමණක් ඇති බව ප්‍රකාශ කරන අතර ස්වාධීන ප්‍රභව වෛරස 63 ක් පමණ ඇති බව ප්‍රකාශ කරයි. මැක් මෙහෙයුම් පද්ධති වෛරසවල අවධානයට අඩුවෙන් ලක්වන බව පැවසිය හැක. ඒ අඩු වෙළඳපොළ කොටස් නිසා මැක් සඳහා නිර්මාණය කරන ලද වෛරසයකට ආසාදනය කළ හැක්කේ අඩු පරිගණක ප්‍රමාණයන් නිසාය. (උත්සාහයේ ඵලය අඩු වෙයි) මැක් හා වින්ඩෝස් අතර වෛරසවලට භාජනය වීමේ හැකියාවේ වෙනස ප්‍රධාන වෙළඳ සාධකයක් වී ඇති අතර ඇපල් සමාගම ඔවුන්ගේ “ගෙට් අ මැක්” ප්‍රචාරණයේ දී එය යොදා ගනී. එය කියා සිටින්නේ මැක් මෙහෙයුම් පද්ධතිවල ද මයි‍ක්‍රොසොෆ්ට් වින්ඩෝස් හි මෙන්ම ආරක්ෂක ගැටළු තිබූ නමුත් ඒවා සාර්ථකව භාවිතා කිරීමට කිසිවෙකු සමත් වී නැති බවයි.


               වින්ඩෝස් හා යුනික්ස් හි සමාන උප‍ෙද්ශාවලි කිරීමේ (Scripting) හැකියාව ඇත. නමුත් යුනික්ස් ‍මෙහෙයුම් පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට සාමාන්‍ය පරිශීලකයන්ට ඉඩ නොදෙන අතර වින්ඩෝස් 95 හා 98 වැනි පැරණි වින්ඩෝස් පිටපත්වල එසේ නොවේ. 1997 දී බ්ලිස් (Bliss) ලෙස හැඳින්වූ ලිනක්ස් සඳහා වූ වෛරසයක් නිකුත් වීමත් සමගම යුනික්ස් වැනි පද්ධති ද වින්ඩෝස් මෙන්ම වෛරසවල ගොදුරක් බවට පත්විය හැකි බවට අනතුරු හැඟවීය. බ්ලිස් ක්‍රියාත්මක වීමට පරිශීලකයා විසින් එය එයම ක්‍රියාත්මක කළ යුතු අතර (එමනිසා එය ට්‍රෝජනයකි. එමගින් ආසාදනය කළ හැක්කේ පරිශීලකයාට නවීකරණය සදහා ප්‍රවේශය ඇති ක්‍රමලේඛ පමණි. වින්ඩෝස් පරිශීලකයන් මෙන් නොව යුනික්ස් පරිශීලකයන් ක්‍රමලේඛයක් ස්ථාපනය කිරීමට හෝ මෘදුකාංගයක් වින්‍යාස කිරීමට හැර පරිපාලක ලෙස පුරන්නේ (log on) නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පරිශීලකයා වෛරසයක් ක්‍රියාත්මක කළද එයට මෙහෙයුම් පද්ධතියට හානි කළ නොහැක. බ්ලිස් වෛරසය විශාල ලෙස නොපැතිරුණු අතර ප්‍රධාන වශයෙන් පර්යේෂණ කුතුහලයක් ලෙස පැවතුණි. එහි නිර්මාතෘ පසුව එහි කේත යූස් නෙට් (use net) වෙත තැපැල් කළ අතර එමගින් පර්යේෂකයන්ට එය ක්‍රියා කළ අකාරය බලා ගැනීමට හැකි විය.

වෛරස් වර්ග

  • Boot Sector Viruses

දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.

  • Companion Viruses

               Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය. පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.

  • Email Viruses

විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි.

  • Logic Bombs and Time Bombs

පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.

  • Macro Viruses

Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.

  • Cross-site Scripting Virus

මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.

  • Trojan Horses

පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.

  • Worms

පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.

මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග


  • Stuxnet



  • Ram nit


  • Webmoner


  • Kolab


  • FakeAV


  • Slugin


  • BitCoinMiner



Post Written By -:



on Leave a Comment

ශක්තිමත් password එකක් හදමු





  අන්තර්ජාලේ සැරිසරන අය වගේම තාක්ෂණයත් එක්ක ගැටෙන අය හැමෝගෙම පෞද්ගලිකත්වය තමයි password  එක.  ඕක ඉතින් හරියට ශක්තිමත් උනේ නැත්තම් හැමෝගෙම පෞද්ගලිකත්වය අනතුරේ. ඒ නිසා අද බලමු ශක්තිමත් password එකක් හදාගන්න විදිය


ඊට කලින් බලමු දැනට ලෝකේ තිබිල තියෙන කඩන්න ලේසිම, වැඩිම දෙනෙක් පාවිච්චි කරපු පාස්වර්ඩ් ටික මොනවද කියල.....

1 .......... password 
2 .......... 123456 
3 .......... 12345678 
4 .......... abc123 
5 .......... qwerty 
6 .......... monkey 
7 .......... letmein 
8 .......... dragon 
9 .......... 111111 
10 .......... baseball 
11 .......... iloveyou 
12 .......... trustno1 
13 .......... 1234567 
14 .......... sunshine 
15 .......... master 
16 .......... 123123 
17 .......... welcome 
18 .......... shadow 
19 .......... ashley 
20 .......... football 
21 .......... jesus 
22 .......... michael 
23 .......... ninja 
24 .......... mustang 
25 .......... password1

වැඩිම දෙනෙක්ගේ පාස්වර්ඩ් එක password. තව සමහරු කඩන්න බැරි වෙයි කියල හිතාගෙන pa55word කියලත් ගහනවා....

ගොඩ දෙනෙක් තමන්ගේ නම ගහල උපන් දිනය ගහනවා....

එහෙනම් මෙන්න මෙහෙමයි හොද එකක් හදාගන්නේ,,,,


  • මුලින්ම කවදාවත් වචනයක් ගහන්න එපා....



  • ඒ කියන්නේ KAMAL , APPLE, MERLIN, GODFATHER, මේ වගේ ඒවා ගහන්න එපා....



  • පුළුවන් තරම් වාක්‍යයක් කෙටි කරලා ගහන්න....



  • ඒ කිව්වේ, I Addict To Internet Too Much......මෙන්න මේ වගේ වාක්‍යයක් කෙටි කරලා IATITM.....



  • හැබැයි අමතක වෙන් නැති එකක් වෙන්න ඕනේ....



  • ඊළගට අකුරු විතරක් දාන්න එපා....



  • පුලුවන් නම් ඉලක්කමක් දෙකක්  දාන්න  ....



  • හැබැයි 1990 ඉපදුනා කියල IATITM1990 කියල දාන්න එපා.... ටිකක් වෙනස් කරලා දාමු...



  • I Addict To  Internet  Too Much මෙන්න මේක මෙහේම ලියමු....   I Addict 2  Internet  2 Much



  • දැන් අපේ පාස්වර්ඩ් එක වෙන්නේ IA2I2M.....


හැබැයි තාම වැඩේ ඉවර නැ....


  • පුළුවන් නම් අකුරු මැද්දට Symbol එකකුත් දාන්න....



  • Addict කියන එක A වෙනුවට @ කියල ගහමුද?....


එතකොට අපේ පාස්වර්ඩ් එක වෙන්නේ I@2I2M....


  • දැන්නම් වැඩේ සැහෙන දුරට හරි....එත් තාම අවුල්...ඒ නිසා දැන් තමා හොදම වැඩේ....නම දෙපැත්තෙන් තරු ටිකක් දාමු....මෙන්න මේ වගේ....

                                        ** I@2I2M**


දැන් නම් කඩනවා බොරු....





මෙන්න මේ සයිට් එකෙන් පුළුවන් තමන්ගේ පාස්වර්ඩ් එක කඩන්න යන වෙලාව හොයා ගන්න....



ඔන්න මම පාස්වර්ඩ් එක හදාගෙන අපු පිළිවෙලට , කඩන්න යන වෙලාව දානවා....




KAMAL .......... Instantly
IATITM .......... 0.077228944 seconds
IA2I2M .......... 0.544195584 seconds
I@2I2M .......... 4 seconds
** I@2I2M** .......... A thousand years

එහෙනම් පාඩම අදට ඉවරයි. ඉක්මනින් අලූත් එකකින් එන්නම්

Post Written By -:


on Leave a Comment

පරිගණක භාවිතයේ වැරදි මත...



     අප එදිනෙදා පරිගණක භාවිතයට හුරුවී සිටිති.එහෙත් පරිගණක භාවිතයේදී සිදුවන වැරදි මත නිසා අප හිත් හි යම් සැකයක් මතු වන තැන් ඇත.බොහෝදෙනා බිය වන්නේ තම පරිගණකයට හානියක් වේ යයි කියාය.

  • ෂට් ඩවුන් නොකොට වසා දැමීම.
   ක්‍රියාත්මක වෙමින් තිබු පරිගණකයක් එහි සුවිචයෙන් වසා දැමුව හොත් පරිගණකයට කිසිඳු හානියක් වන්නේ නැත.එහෙත් ඒ වන විට කරමින් තිබු වැඩක ෆයිල් තැන්පත් නොවී මැකීයා හැක.

නමුත් මෙහෙයුම් පද්ධතියට හානි වන්නේ නැත. පරිගණකයේ සුවිචය මගින් off කිරීමේදී වන්නේ පරිගණකය ෂඩ් ඩවුන් කල අකාරටයම වැසී යාමය.
  • පරිගණක දිගු වේලාවක් ක්‍රියාත්මකව තැබීම.
     පරිගණකයක් දිගුවේලාවක් ක්‍රියාත්මකව තැබූ විට හානි වෙතැයි බොහෝ දෙනා සිතති.එහෙත් අලුත් පරිගණක සියල්ලම පාහේ සකසා ඇත්තේ ඒවා එක දිගට වැඩ කළ හැකි ලෙස ය.බැංකු වල හා වෙබ් හොස්ටින් ආයතන වල පරිගණක දවස පුරාම ක්‍රියාත්මක වේ. ඇත්තටම පරිගණකයක් නිතර නිතර on off කරමින් ක්‍රියාත්මක කරනවාට වඩා එක දිගට on කර තැබීම පරිගණකයට හිතකරය. එම නිසා විදුලි බලය ඉතිරිකර ගැනීමේ අරමුණින් හා අකුණු වලින් වන අනතුරු වලක්වා ගැනීම හැරුණු විට පරිගණකයක් නිතර off කිරීම අවශ්‍ය නොවේ.

  • පරිගණකයට අනිවාර්යෙන්ම වයිරස් ගාඩ් එකක් යෙදීම.
    ඔබේ පරිගණකය අන්තර්ජාලයට හෝ වෙනත් තැනක භාවිතා කල පෙන් ඩ්‍රයිව්ස් භාවිතා නොකරන්නේ නම් කිසිඳු වයිරස් ගාඩ් එකක් අවශ්‍ය නොවේ.වයිරස් පරිගණක තුලින් උපදින්නේ නැති අතර ඒවා සියාල්ලම පිටතින් එන ඒවාය.
  • වයිරස් මෘදුකාංගයක් මිලදී ගත යුතුය.
   සැමවිටම වයිරස් මෘදුකාංග මිලදී ගත යුතු නැත. ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන සෙකියුරිටි එසෙන්ෂල් වැඩසටහන වුව ද ප්‍රමාණවත්ය.එයත් සමග මෙහෙයුම් පද්ධතියේ ෆයර්වෝල් සක්‍රිය කිරීමද අවශ්‍යය.කෙසේ වෙතත් නිසි පරිදි ප්‍රයෝජන ලබා ගත හැක්කේ වයිරස් ගාඩ් එක යාවත් කාලීන වන්නේ නම් පමණි.

  • flash drive බලෙන් ගැලවීම.
   ෆ්ලෑෂ් ඩ්‍රයිව් ඉජෙක්ට් නොකර ගැලවීමෙන් මෙහෙයුම් පද්ධතියට කිසිඳු හානියක් වන්නේ නැත. එහෙත් එවිට ක්‍රියාත්මක වෙමින් තිබු ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ වැඩසටහනක්  save නොවන්නට පුළුවන. එමෙනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට හානි වන්නට පුළුවන.

  • පරිගණකය ළඟ කාන්දම් තැබීම.
   පරිගණකය ළඟ හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව්, හාඩ් ඩිස්ක්, මෙමරි කාඩ් අසල කාන්දම් කැබලි තැබූ විට ඒවා විනාශවී යන්නේ නැත.එහෙත් පැරණි CRT මොනිටර් අසල කාන්දම් තැ‍බුවිට එහි තිරයේ වර්ණ වෙනස්කම් විය හැක.එහෙත් නුතනයේ භාවිතා වන්නේ LCDහෝ LEDතිර වලට එබඳු හානියක් නැත. හාඩ් ඩිස්ක් වල කාන්දම් වලට සංවේදී තැන් තිබුනද එහි අඩංගු දත්ත මැකීමට සාමාන්‍ය කාන්දම් වලට බැරිය .එම දත්ත මැකීමට ඒ සඳහාම වූ විශේෂිත කාන්දමක් අවශ්‍යය.

  • ඩොන්ගල් පරිගණකයට සවි නොකර තැබීම. 
    අන්තර්ජාල පහසුකම් ලබා දෙන ඩොන්ගල් එය භාවිතයට නොගන්නා විට ගලවා නොතැ‍බීමෙන් ඩොන්ගලයට කිසිම හානියක් වන්නේ නැත. එය රත් වීම වැළැක්වීමට ඉජෙක්ට් කර තැබීම ප්‍රමාණවත්ය. ඇත්තෙන්ම නිතර නිතර ඩොන්ගලය ගලවමින් සවි කරනවාට වඩා එය දිගටම සවිකර තැබීම ඩොන්ගලයට ගුණදායකය.
  • පරිගණක තැබීමට A/C කාමරයක් අවශ්‍යය .
   කොහෙත්ම අවශ්‍ය නොවේ. නවීන පරිගණක සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය උෂ්ණත්වයේදී පවා හොඳින් ක්‍රියා කරන පරිදි ය.එමෙන්ම එහි සිසිලන ක්‍රමය දියුණු මට්ටමක පවතී. නමුත් A/C කාමරයක තැ‍බු විට දුවිලි ආදිය ඇතුළු නොවන නිසාත් පහසුවෙන් උෂ්ණත්වය ඉවත් වන නිසාත් කර්යක්ෂමතාව වැඩිවේ.


Post Written By -: